top of page

කදුරුවානේ සුගතනන්ද නාහිමි පිළිබඳ තොරතුරු බිඳක්

අතිපූජ්‍ය කදුරුවානේ සුගතනන්ද නාහිමි
ලක්බිමට නැණවත්, ගුණවත්, සිල්වත්, විද්වත් පිරිසක් දායාද කළ දකුණු සිරිලක මාතර යටියන කොට්ටවත්ත ග්‍රාමයේ 1913 බක් මස 13 වනදා කේ. එච් සුවාරිස් කුල කුමරු මෙලොව එළිය දුටුවේය. සැතපුම් සිය ගණනක් ඈතින් එපිට ගම්මානයක උපත ලැබූවද ඒ කුමරුගේ සත්ගුණවත් ක්‍රියාදාමය තුළින් සිත් සතන් දහම් ආලෝකයෙන් පුරවා ගන්නට අවට ගම් දනව්වල කිත් පැසසුම් ලබන්නට වෑකඩ ප්‍රදේශයේ ජනතාව භාග්‍යවන්ත විය.
අතිගරු මහෝපාධ්‍ය දික්වැල්ලේ පේමානන්ද මාහිමි ඇසුරු කරමින් දහම් දැනුම ලැබූ මේ කුල කුමරු 1925 මාර්තු මස12 වන දින කෝට්ටවත්තේ සුධීරානන්ද යන නමින් පැවිදි බිමට සම්ප්‍රාප්ත විය. 1930 කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය මහ පිරිවෙනට ඇතුළත් වී ප්‍රාචීන මධ්‍යමය දක්වා අධ්‍යාපනය හදාරා රටේ අනාරක්ෂිත තත්ත්වය යටතේ පසුව බෞද්ධ විජයග්‍රහණයේ නගරය වන පානදුරේට වැඩම කළ අතිගරු සුධීරානන්ද හිමිපාණෝ සිය කාලය ශ්‍රමය ධනය බුද්ධිය කැප කරමින් ශාසනාත්මක කර්තව්‍යයෙහි නියැලුණහ.
1933 ජූලි මස 2 වන දින කළුතර නදී උදකුක්ඛේප සීමා මාලකයේදී දී උපසම්පදා ශීලයෙහි පිහිටි උන්වහන්සේ අතිගරු දික්වැල්ලේ පේමානන්ද මාහිමිපාණන්ගේ ආචාර්යත්වයෙන් වැරැල්ලාගේ පේමානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් කටයුතු කරමින් පානදුර බැන්ඩිය වෙවේකානන්දාරාමය දියුණුවට කැප වූ සේක.
සර්පයන් බහුල වනගත ප්‍රදේශයක කටුමැටි ගැසූ පොල් අතු සෙවිලි කළ කුඩා ලැගුම් ගෙයකින් ඇරඹුණු මෙම විහාරස්ථානය අද ප්‍රදේශයේ වැජඹෙන ජනප්‍රියත්වයකට පත්ව ඇත.ගිහි සියලු ජනයාගේ නොමද ගෞරවයට, ප්‍රශංසාවට පත් උන්වහන්සේ නිතර මුවග නැගුන මදහසකින් සමන්විත වූ සේක. මහා සංඝරත්නයේ ගෞරවාදරය ද නොමදව උන්වහන්සේට ලැබිණ. කර්මාචාර්‍යවරුන් වහන්සේ නමක ලෙස නිකායේ උන්නතිය සදහා කල කැපවීම මෙහෙවර නිසාම උන්වහන්සේ "ධර්ම කීර්ති ශ්‍රී "ගෞරව උපාධිය සහිත කර්මාචාර්ය පදවිය පිළිබඳ සන්නස් පත අතිගරු බලංගොඩ ආනන්ද මෛත්‍රී මාහිමියන් අතින් ලැබීමට තරම් භාග්‍යවන්ත වූ සේක. කළුතර දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් ද මේ හිමිපාණෝ පිදුම් ලැබූහ.
අතිගරු කෝට්ටේවත්තේ සුධීරානන්ද මාහිමිපාණන් වහන්සේ ගත කළේ ඉතාමත් අල්පේච්ඡ ජීවිතයකි. දෙපයට පාවහන් යුගලක් වත් නොමැතිව උන්වහන්සේ පා ගමනින් ම වැඩම කිරීම සිරිතක් කරගත්හ. වයෝවෘද්ධ භාවයට පත් උන්වහන්සේ තුළ වූ චිත්ත ශක්තිය අති ප්‍රබලය. රාත්‍රි කාලයේ තනියම ගොස් විදුලි බුබුළු නිවා දැමීමට ගිය අවස්ථාවක විහාරස්ථාන භූමියේ වැටී රෝගාතුරව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගැනීමට පවා උන්වහන්සේට සිදුවිය. එසේම ගමේ දායක දායිකාවන්ගේ නිවසක පිරිත් දෙසුමක උන් වහන්සේගේ හඬ, උන්වහන්සේගේ දසුන වරදින්නේ නැත. විහාරස්ථානයට පැමිණෙන බැතිමතුන් හා විහිළු තහළු වලින් යුතුව කාගේත් සිත් දිනාගත් මහා යතිවරයාණ කෙනෙකි. සියවසකට ආසන්න කාලයක් ආයු විඳ වයෝවෘද්ධ භාවයෙන් රෝගී තත්ත්වය උත්සන්න වීමත් හේතුවෙන් පානදුර මහා රෝහලට ඇතුළත් කෙරුණු උන්වහන්සේ 2011 අප්‍රේල් මස 6 දින ප්‍රදේශවාසීන්ට කළ අමිල මෙහෙය අවසන් කොට සියලු සත්ත්වයන්ට පොදු සනාතන ධර්මය අනුව අපවත් වී වදාළහ.
උන්වහන්සේට අජරාමර අමා නිවන අත් වේවා!
සටහන
ටීී.ජී.එච් ප්‍රනාන්දු
උප ප්‍රධානාචාර්ය
ශ්‍රී පේමානන්ද දහම් පාසල
About: About Us
bottom of page